සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පූජනීය ස්ථාන වැඳ පුදා ගනී

ඔක් 17, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (17) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථාන වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගත්තේය.

    සජිත් ප්‍රේමදාස මහතා පළමුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. ඔහු, අටවස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි. සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැලි මහ සෑය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතවිය. අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙණ වෙත පැමිණි ප්‍රේමදාස මහතා විහාරාධිපති පූජ්‍ය අටබාගේ විමලඥාන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. පසුව, සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානයට පැමිණ, එහි විහාරාධිපති පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. චන්ද්‍රානි බණ්ඩාර හා පී. හැරිසන් යන අමාත්‍යවරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News