මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොගයක් අත්අඩංගුවට

ඔක් 17, 2019

    මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික වියළි හාල්මැස්සන් කිලෝ විසි එක් දහසකට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන තිබේ.

    ඒ, වත්තල මාබෝල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී. වැටලීම සිදුකර ඇත්තේ, ගම්පහ පාරිභෝගික සේවා අධිකාරිය විසින්. වැලි සහ පස් මිශ්‍ර වූ හාල්මැස්සන් තොගය ආපන ශාලා, හෝටල් සහ විශ්වවිද්‍යාල ආපන ශාලාවලට බෙදා හැරීමට සූදානම් කර තිබූ බව අප වාර්තාකරු පවසයි. අදාළ ගබඩාව මුද්‍රා තැබීමට කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News