ආදර්ශමත් පාලනයක් නිර්මාණය කරනවා; අනුර කුමාර

ඔක් 17, 2019

    ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ තවත් අදියරක් උඩවලව, කොට්ටවත්ත විලේජ්හිදී අද පැවැත්විණ.

    ඒ, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම අද සිදු කෙරිණ. මේ වනවිට ජාතික ජන බලවේගයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්ති එළිදක්වා තිබේ. එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...

    “ඕනෑම පාලනයක, ඕනෑම ආණ්ඩුවක අත්හරින්න බැරි වගකීමක් තියෙනවා මේ පරිසර පද්ධතිය යළි යථාවත් කරන්නේ කොහොමද? අපි අනුගමනය කරන වැඩපිළිවෙළ ජනතාවත් එක්ක සාකච්ජා කරන්න ඕනේ. අද දිනයේ අපි පරිසර ප්‍රතිපත්තිය එළිදක්වන්නේ. පරිසරය ආරක්‍ෂා කිරීම පිළිබඳව සංස්කෘතියක් අපේ ජනතාව තුළ ඇති කරන්න ඕනේ. නීතියේ අණපනත්වලින් පමණක් මේක කරන්න පුලුවන් කමක් නැහැ. කසල ප්‍රශ්නය විසඳීමේදී අපි විශ්වාස කරනවා මේ එළියට එන අපද්‍රව්‍යවලින් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් රඳවා ගන්න පුලුවන්. ඉතාමත් විධිමත් වැඩපිළිවෙළක් හැදුවොත් කසල ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුලුවන්. අපේ රටේ පතල් ටික අයිති දේශපාලඥයට. වනයක් කපලා තිබුණ නම් ඒක අයිති දේශපාලඥයට. පරිසරට සුරකින්න පාලනයක් ඕනේ. ආදර්ශමත් පාලනයක් මේ රටේ අපි නිර්මාණය කරනවා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Latest News