ඇමති නිමල් රැකියාදුන් පවුල් 7000 ක් අවුල් - ඌව ආණ්ඩුකාර මෛත්‍රී

ඔක් 16, 2019

    පසුගිය කාලයේ ඇමතිවරයෙක් විසින් ඌව පළාතේ අයට සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා 14000 ක් දුන් බව කිව්වත් දුර බැහැර ස්ථානවලට රැකියා ලැබිම නිසා ඔවුන්ගෙන් 7000 කගේ පවුල් අවුල් වී ඇතැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ අද (15) දේශනයක් පවත්වමිනි.

    සුරපුරක් හදන පරපුරක් සමග ඌව වෙල්ලස්ස ගොඩනගන දැක්ම පිළිබදව ඌව පළාත් සභාවේ නිලධාරින් දැනුවත් කිරීමේ මෙම දේශනය පැවැත්විණ.
    එහිදී ආණ්ඩුකාරවරයා මෙසේද කීවේය.....

    පදිංචි නිවසට ආසන්නයේම තිබෙන සේවා ස්ථානයට පත්වීම් හා ස්ථාන මාරු ලබාදීම තුලින් පවුල් සංස්ථාවේ ස්ථාරවත්වය රැකෙනවා. එමන්ම මානසික ඒකාග්‍රතාවය රැකෙනවා එනිසා මින් ඉදිරියට ඌව පළාත් සභාවට අයත් රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරු එම නියමයන්ට අනුව ලබාදෙන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් ස භාවට උපදෙස් දුන්නා
    පළාත් සභා සියල්ල විසුරුවා ඇතත් ඊලග පළාත් සභාමැතිවරණය පැවැත්වීමට වසර 2ක් පමණ කලායක්ගතවිය හැකි බවද සදහන් කළ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය.

    පාර්ලිමේන්තුව මැතිවරණය තිබ්බාට පස්සේ පළාත් සභා පනත නැවතත් පාර්ලිමේන්තුවට දාල තුනෙන් දෙකේ ජන්දයකින් සම්මත කරගෙන අලුත් ජන්ද ක්‍රමයට තියන්න ක්‍රමයට ජන්දයට තියන්න
    හොද දෙයක් වෙලා තියෙනවා. මේ ප්‍රමාදයත් එක්ක අලුත් ජන්ද ක්‍රමයට එන්න සමානුපාතික ක්‍රමය නොවේ කොට්ඨාස ක්‍රමයට එන්නේ ඒකෙන් මං හිතන්නේ රටේ දූෂණ පළාතේ දූෂණය ජන්ද වියදම යනාදිය නැති කරගන්න පුථවන් . ඒකේ ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන්න ඕන යැයි ඔහු කියා සිටියේය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 10:05

    Latest News