යුද්ධය නිමා කිරීම සමඟම ජාතික අභිමානයක් ඇතිවුණා; ගෝඨාභය රාජපක්‍ෂ

ඔක් 15, 2019

    ජාතික සංවිධාන සම්මේලනය සංවිධාන කළ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැත්විණ.

    ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක ගේඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා...

    “අවුරුදු 30ක් මේ රටේ තිබුණ යුද්ධය නිමා කිරීම සමඟම අපි විශාල ජාතික අභිමානයක් ඇති වුණා අපේ රට තුළ. ඒවා සම්පුර්ණයෙන්ම නැති කරලා දැම්මා. රණවිරු ජයග්‍රහණය සමරමින් පෙළපාලි පැවැත්වුයේ හුදෙක් පෙළපාලියක් පවත්වන් ඕන හින්දා නෙමෙයි. විශේෂයෙන්ම අපේ තරුණ පරපුර, අපේ අනාගත පරපුර වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් ඔවුන් තුළ අභිමානයක් ඇති කරන්න“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News