නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි හිරුණිකාට බාධා

ඔක් 07, 2019

    ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් බාධා කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. “මැතිවරණ කාර්යාලයට යන්න රථවාහන තදබදයේ ඉන්න කොට මම මගේ එම්එස්ඩී නිලධාරි එක් අයෙක් ඇවිල්ලා හිටියේ මම ඔහුට කිව්වා අහන්න වහලා තියෙන පාර ඇරෙන්න තව පාරක් තියෙනවද ඉක්මණින් යා හැකි. පොලිස් බයිසිකලයකින් ඔබතුමියව එතනට අරගෙන යන්නන් කියලා කිව්වා කියලා ඔහු කිව්වා. ආ එහෙනම් ඒගොල්ලන් අරගෙන යනවානම් ප්‍රශ්නයක් නැහැ. මමත් වාහනයේ නැගලා යනකොට මම දැක්කා ලොකු සෙනඟක් ඉන්නවා. මාව අරගෙන ඒ ගොල්ලන් එහෙමම ගියා. සෙනඟ පිරිලා හෙල්ලෙන්නෙවත් නැහැ අපේ වාහනේ. මම බලනකොට ඔක්කොම පොහොට්ටුවේ උදවිය. මාව දැකලා ඔවුන් හොඳටම කුලප්පු වුණා. මට හූ තිය තියා කෑගහනවා. මගේ දරුවත් වාහනේ ඇතුලේ හිටියා. මම හැමෝටම ආචාර කරලා මම පයින්ම ගියා. කිසි කෙනෙක්ව මරලා නැහැ. මම වැරදි වැඩ කරලා නැහැ. ඔන්න දැන් භීෂණය පටන් ගත්තා දැන් පළමුවෙනි සිදුවීම“ යැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

    Latest News