වර්ජනය අත්හැරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි

ඔක් 07, 2019

    අද සවස සිට වැඩ වර්ජනය අත්හැරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    ඒ, ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුවයි. මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති නිසා අද මධ්‍යම රාත්‍රියට පෙර සේවයට වාර්තා කරන ලෙසයි.වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කෙරිණ. වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ දුම්රිය සහ ප්‍රවාහන බලධාරීන් මීට පෙර සාකච්ජා වට කිහිපයක් පැවැත්වුව ද ඒවා සාර්ථක නොවීය. මේ නිසා මගී ජනතාව දැඩි පීඩාවට පත්වූහ.

    වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ සිදු කෙරිණ. ඒ ජනාධිපති නිල නිවසේදී. මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, පොදු ජනතාවට අපහසුතාවයක් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීම වෘත්තිකයන්ගේ වගකීම බවයි. අනතුරුව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සමඟ ද දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ජාවක් පැවැත්විය. පසුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී ද සාකච්ජාවකට එක්වූ ඔවුන් වර්ජනය අත්හැරීමට තීරණ්ය කළේය.

    “ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට හම්බවුණාට.

    ජනතාව පැත්තෙනුත් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා සවන් දෙන්න කියලා. එතුමා අපිට ලොකු ප්‍රකාශයක් කරලා, අපි බලාපොරොත්තු වු දේ අපිට ලබාදුන්නා“ යැයි වෘත්තිය සමිති නායකයින් පැවසූහ.

    Latest News