update-ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම ඇරඹේ

ඔක් 07, 2019

    update-නාමයෝජනා භාරදීමෙන් පසු 11.00 සිට 11.30 දක්වා විරෝධතා ගොනුකිරීමට ලබාදුන් කාලය අවසන් වෙයි

    2019 ජනාධිපතිවරණයට නාමයෝජනා බාරගැනීම අවසන් විය. අපේක්ෂකයින් 35ක් නාමයෝජනා භාරදී තිබේ.  චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු තවත් 6 දෙනෙක් නාමයෝජනා භාරදී නොමැත. 

    ..................................................................

    ජනාධිපතිවරණය  සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 41 දෙනෙකුගෙන් 8ක් නාමයෝජනා භාරදී නොමැත.තිදෙනෙක් නාම යෝජනා භාර නොදෙන බවට දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ---------------------------------------------------------

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

    -----------------------------------------------------------

    රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00ට ආරම්භ කෙරිණ. ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා බාරදීම සිදුකළේය.

    මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, ඒ.එස්.පී. ලියනගේ, පියසිරි විජේනායක, ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ්, රජීව විජේසිංහ, එම්.කේ.සිවාජිලිංගම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා. හසන් මොහොමඩ් අලෙවි යන අය ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස නාම යෝජනා බාරදුන්නා. අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය නාම යෝජනා බාර දුන්නේ ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂිකාව ලෙසයි.

    සමන් ප්‍රසන්න පෙරේරා අපේ ජනබල පක්‍ෂය වෙනුවෙන් නාම යෝජනා බාර දුන් අතර, ආරියවංශ දිසානායක මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සඳහා නාම යෝජනා බාරදුන්නා. සිරිතුංග ජයසුරිය මහතා නාම යෝජනා බාර දුන්නේ එක්සත් සමාජවාදී පක්‍ෂය සඳහායි.

    බැද්දෙ ගමගේ නන්දිමිත්‍ර මහතා නව සම සමාජ පක්‍ෂයටත්, පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන මහතා සමාජවාදී සමානතා පක්‍ෂයටත්, නාම යෝජනා බාර දුන්නේය. නව සිහළ උරුමය නියෝජනය කරමින් සනත් මනමේන්ද්‍ර මහතා නාම යෝජනා බාරදුන් අතර, රොහාන් පල්ලෙවත්ත මහතා ජාතික සංවර්ධන පෙරමුණෙහි ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස නාම යෝජනා බාර දුන්නේය. බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණටත්, දුමින්ද නාගමුව මහතා පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයටත් නාම යෝජනා බාරදුන්නේය.

    අරුණ ද සොයිසා මහතා නාම යෝජනා බාර දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහායි. අජන්ත ද සොයිසා මහතා රුහුණු ජනතා පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ මහතා නාම යෝජනා බාර දුන්නේ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානයෙන්. නාමල් රාජපක්‍ෂ මහතා ජාතික සමගි පෙරමුණ නියෝජනය කරමින් නාම යෝජනා බාර දුන් අතර, සුබ්‍රමනියම් ගුණරත්නම් මහතා අපේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් නාමයෝජනා බාර දුන්නේය.

    -----------------------------------------------------------------

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් තරග වදින සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා බාරදීම සිදුකර තිබේ.

    Sajith premadase

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදෙයි.

    Gotabaya Rajapaksha

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 18:28

    Latest News