මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය රැකීමට සජිත්ගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

ඔක් 05, 2019
  • එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව ප්‍රදේශයේ අද පැවති ජනහමු තුනකට සහභාගි විය.

    මෙම ජනහමු සංවිධාන කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින්. 
    පළමු ජනහමුව පැවැත්වුණේ මොරටුව අඟුලාන දුම්රිය ස්ථානය අසළ. එහිදී අදහද් දැක්වූ ජනාධිපතිධූර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “මේ රටේ බිහිවුණු ජනාධිපතිවරුන්ගෙන් ප්‍රථම වතාවට පඩියක් නොගන්නා, දීමනා නොගන්නා, විශේෂයෙන්ම මන්දිරය නොගන්නා එකම ජනාධිපතිවරයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක ඔබලට කියන්න කැමතියි. අපේ මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, සෛරීත්වය සලකමින් අභිමානව, සංවර්ධිත දියුණු ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ මහ පොළවට පය ගහලා ජීවන්වන සියලුම දෙනාට අනගිභවනීය, ඓතිහාසිකව සේවාව කළේ සජිත් ප්‍රේමදාසයි කියන ගෞරව නාමයෙන් දිනා ගැනිමයි මගේ හදවතේ තියෙන එකම කෑදරකම. යාපනයේ යනකොට මන්දිරයක් තියෙනවා, නුවර යනකොට මන්දිරයක් තියෙනවා, අනුරාධපුරයට යනකොට මන්දිරයක් තියෙනවා, නුවරඑළියෙත් මන්දිරයක් තියෙනවා, කවුද මේවා නඩත්තු කරන්නේ තමුන්නාන්සේලා. මේ රටේ ක්‍රියාත්මක වන මන්දිර දේශපාලනය මම තරුණ තොරතුරු තාක්‍ෂණ විශ්ව විද්‍යාල මන්දිර බවට පත්කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ආණ්ඩු මාරු වෙනකොට ගන්නවා අලුතින් වාහන, ඔය වෙඩි නොවඳින වාහන නම් මේ සජිත් ප්‍රේමදාස ගෙන්නන්නේ නැහැයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ශක්තියට, මගේ කඩිසර භාවයට, මගේ කැපවීමට, මගේ අධිෂ්ඨානයට මෙදා පාර අවස්ථාව ලබාදෙන්න. මගේ මේ හොඳම ජවසම්පන්න කාලය සජිත් ප්‍රේමදාසට රට දියුණු කරන්නට, රට සංවර්ධනය කරන්නට, රට ගොඩ නඟන්නට ඔබලාගේ ශක්තිය ලබාදෙන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලීමක් කරමින් විශ්ව ලෝකයේ තියෙන ශක්තිමත්ම රට බවට ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට මම දිවි හිමියෙන් ඇප-කැප වෙනවා කියලා ප්‍රකාශ කරමින් ආදරණීය මොරටු බල ප්‍රදේශයේ සියලු දෙනාටම ජයවේවා පතමින්, ජනහමුව ඇමතීය.

    මොරටුවැල්ල ප්‍රදේශයේ දෙවැනි ජනහමුව පැවැත්විණ. මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවට ව්ශාල පිරිසක් එක්වූහ. පසුගිය වසර 04 තුළදී අමාත්‍යවරයෙකු වශයෙන් තමන්ට හිමි වැටුප සහ සෙසු දීමනා සමාජ සුබසාධනය වෙනුවෙන් යොදවූවාසේ ඉදිරියේදීත් ජනතාව රජ කරන යුගයක් නිර්මාණය කරන බව, සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:35

    Latest News