ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපතිවරණයේ අවසන් තීරණ බලය ජනපතිට

ඔක් 06, 2019

    එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාව අද රත්‍රී 7.30 ට පමණ ජනපති නිළ නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුහ.

    පැය 2කට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් එකඟගාවකට මධ්‍යම කාරක සභාව පිවිස බව මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානයක මධ්‍ය වෙත කියා සිටියේය. ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණ බලය ජනපතිට පැවරු බවත් ජනපතිගේ අවසන් තිරණය හෙට දින ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඔහු කියා පැවසීය.

    කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර් දිසානායක අද පෙරවරුවේ (05) කියා සිටියේ ජනධිපතිවරණයේදි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කොන්දේසි නොමැතිව සංධාන ගත නොවන බවයි. ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන අන්දමේ තිරණයකට එළබෙන බවයි ඔහු කියා සිටියේ. ජනාධිපතිවරණයේ තරග කරන ලකුණ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැඩි ස්ථාවරයක සිටින බවත් වීරකුමාර දිසානායක පෙන්වා දුනී .

    මෙවර ජනාධිපතිවරණයේ ඇප මුදල් භාර ගැනීම හෙට (06) දහවල් 12.00 ට අවසන්වේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහෝට්ටුව ලකුණෙන් ජනාධිපතිවරණයට තරග කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

     

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 08:37

    Latest News