ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නවා; අමාත්‍ය සජිත් (වීඩියෝ)

ඔක් 01, 2019

    ළමා පරපුර සුරක්‍ෂිත කිරීමට කැපවන බව, එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ලෝක ළමා දින පිළිබඳ අදහස් පළ කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ, සිය පාලනය යටතේ ඉදිරියේ දී පෙර පාසල් අධ්‍යාපනය නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවයි. 

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...


    “දින වකවානු සහිතව ළමා සහ ළදරු මන්දපෝෂණ තත්වයන් තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ළදරු පරපුර සහ දරු පරපුර කේන්ද්‍ර කරගත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා, මහපොළොවේ ග්‍රාම නිලධාරි වසම් දහතර දහස් විසි දෙකේම ජනාධිපතිවරණය ජයග්‍රහණය වූ සැණින්ම ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සහ මන්ද පෝෂණය තුරන් කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගත් අදාළ රේඛීය අමාත්‍යාංශ කේන්ද්‍ර කරගත් දිනපතාම පසු විපරමට ලක්වන වැඩසටහනක්. දිනපතාම ප්‍රගතිය සමාලෝචනය කරන යාන්ත්‍රණය ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කරනවා. පෙර පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නිදහස්, නිවහල් නොමිලයේ අධ්‍යාපනය මෙයින් අදහස් කරන්නේ දූ දරුවන්ටවත්, දෙමාපියන්ටවත් මුදල් නොගෙවා රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීම තුළ රජයේ අනුග්‍රහය තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසල් පද්ධතියක් අපේ රටේ නිර්මාණය කරන්නට බලාපොරොත්තු වනවා. ඉපදෙන දරුවාගේ මාන අයිතිය ස්ථාපනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මේ මහා විප්ලවීය වෙනසත් සමඟ ක්‍රියාත්මක කරන්නට යනවා “ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 20:29

    Latest News