මධ්‍යම කදුකරයේ බටහිර බැවුමට තද වැසි (වීඩියෝ)

ඔක් 01, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇතිවි තිබේ.

    හැටන් , කොටගල , තලවකැලේ, වටවල ගිනිගත්හේන යන ප්‍රදේශවලටයි මෙසේ තද වැසි ඇද හැළිණි.

    අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට ගිනිගත්හේන දක්වා රථ වාහන ගමනයට දැඩි ලෙස බාධා ඇති වු බව අප වාර්තාකරු පවසයි.  අධික වර්ෂාව පවතින කාලය තුල එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 20:31

    Latest News