වැලිකන්ද සංවර්ධන ව්‍යාපෘති ජනපති අතින් ජන අයිතියට (වීඩියෝ)

සැප් 28, 2019

    වැලිකන්ද රෝහලේ ඉදි කළ බාහිර රෝගී අංශය සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරිණ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. “පිබිදෙමු පොළොන්නරුව“ සංවර්ධන වැඩසටහන යටතේ ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 37කට අධිකයි. නව බාහිර රෝගී අංශයට අමතරව, පරිපාලන ගොඩනැගිල්ලක්, මාතෘ හා ළමා ඒකකයක්, විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක් ද ඉදිකර තිබේ. ඊට ප්‍රතිපාදන සැපයූවේ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

    මේ අතර වැලිකන්ද අධ්‍යාපන කලාපයට අයත්, කඩවත්මඩුව, ධර්මපාල කණිෂ්ඨ විද්‍යාලයේ නව පංති කාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පත් කෙරිණ. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. “පිබිදෙමු පොළොන්නරුව“ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඊට රුපියල් ලක්‍ෂ 72ක් වැය කෙරිණ. නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එය ඉදිකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:24

    Latest News