අතුරුදන් වූ 'නිෂාදි -2' මියන්මාර මුහුදෙන්

සැප් 28, 2019

    ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු සමග අතුරුදහන්ව තිබූ "නිෂාදි - 2" ධීවර යාත්‍රාව මියන්මාර මුහුදු සිමාවේ තිබිය දී එරට නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

    පසුගිය අගෝස්තු 1 වැනිදා මෙම ධීවර යාත්‍රාව කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේය. යාත්‍රාව පිටත්ව ගොස් දින කිහිපයකට පසු එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යාත්‍රාව ක්‍රියා විරහිත වී ඇති අතර සියලු සන්නිවේදනය කටයුතු ද බිඳ වැටීමෙන් පසු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සේදිසි හා මෙහෙයුම් අංශය සමඟ පැවති සියලු සබඳතා ඇණ හිටියේය.

    අනතුරුව එම ඒකකය මගින් ඉන්දියන් සාගර මුහුදු කලාපයේ පිහිටි සියළුම රටවල්වලට ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අතුරුදන් වීම ගැන දැනුවත් කෙරිණ. පසුව පසුගිය 24 වැනිදා මියන්මාර මුහුදු සීමාවේ තිබිය දී යාත්‍රාව සොයා ගැනුණ අතර මේ වන විට ඔවුන් මියන්මාර් නාවික හමුදා භාරයේ පසුවෙයි. ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට සැකෙසෙමින් පවතින බවයි, ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 10:50

    Latest News