එක්සත් ජාතික පක්‍ෂ ජනපති අපේක්‍ෂක ගැන අගමැති අද කියු කථාව (වීඩියෝ)

සැප් 23, 2019

    එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂකයා කඩිනමින් නිවේදනය කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු කියා සිටියේ එය රහසක් බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නව කොමිසමක් පත්කරන ලෙස කාදිනල් හිමියන්ගේ ඉල්ලීමට තමා විරුද්ධ නොවන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද කොළඹ දී පැවති “සිනමන් ෆියුචර් ඔෆ් ටුවරිසම්“ සමුළුව අමතමින්. තුන්වැනි වරටත් සමුළුව සංවිධාන කළේ සිනමන් හෝටල් සමූහයයි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ අනුමැතිය සහිතව පැවති සමුළුවට සංචාරක ක්‍ෂේත්‍රයේ විද්වතුන්, ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්වූහ. සී.එන්.එන්. මාධ්‍ය ජාලයේ ප්‍රකට ව්‍යාපාරික පුවත් සංස්කාරක මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් මෙහෙයවූ සම්මුඛ සාකච්ජාවකට අග්‍රාමාත්‍යවරයා එහිදී එක්විය.

    රිචඩ් ක්වෙස්ට් - CNN මාධ්‍යවේදී (ඔබ කවදද ජනාධිපති අපේක්‍ෂකයා නිවේදනය කරන්නේ)
    අග්‍රාමාත්‍යතුමා - ඉතා කඩිනමින්

    CNN මාධ්‍යවේදී - ඒ කියන්නේ ඔබ මට දැන් කියන් නැද්ද?
    අග්‍රාමාත්‍යවරයා - නැහැ මම එසේ කරන්නේ ඇයි? එය රහසක්

    CNN මාධ්‍යවේදී - ඔබ කියනවද ඔබේ රට ආරක්‍ෂිතයි කියලා. ඒ කොහොමද
    අග්‍රාමාත්‍යතුමා - පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. කොතරම් අමාරු උනත් ලැබෙන තොරතුරු මත අපි ක්‍රියා කළ යුතුයි. දෙවනුව අයිඑස්අයිඑස් ගැන අපි සමීපව බලනවා. ඒතාක් අපි ත්‍රස්තවාදය දෙස බැලුවේ පොදුවේ. අයිඑස්අයිඑස් පමණක් නොව වෛරී අන්තවාදී කණ්ඩායම් ගැනත් අපි ක්‍රියා කරනවා.

    CNN මාධ්‍යවේදී - විවිධ මට්ටමින් විමර්ශන ක්‍රියාත්මකයි. අද ඔබ මට සහතික වෙන්න පුළුවන්ද මෙම වාර්තා එළිදක්වන විට එහි සැබෑ කරුණු ජනතාවට එලෙසම දැනගැනීමට පුළුවන් කියලා.
    අග්‍රාමාත්‍යවරයා - නිසැකයෙන්ම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ජනතාවට එළි දක්වනවා. කාදිනල් හිමියන්ගෙනුත් ඉල්ලීමක් තිබෙනවා. කොමිසමක් පත් කරන්න කියලා අපි කිව්වේ තේරීම් කාරක සභා වාර්තාව එන්න ඉඩ දෙන්න. නිසැකයෙන්ම තවත් විමර්ශනයකට විරෝධයක් නැහැ. ඔබ විරුද්ධ නැහැ. මම විරුද්ධ නැහැ.

    CNN මාධ්‍යවේදී - සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තීරණාත්මක අවස්ථාවක පැවතියේ, මින් ඔබ ගන්නා පාඩම කුමක්ද?
    අග්‍රාමාත්‍යවරයා - ලොව කුමණ කොටසක සිටියත් අපි නව තර්ජනයකට මුහුණ දෙනවා. අපි එක්ව වැඩ කළ යුතුයි.

    CNN මාධ්‍යවේදී - අවසානයේදී ඔබට විශ්වාසද ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියලා මට කියනව කියලා?
    අග්‍රාමාත්‍යවරයා - රිචඩ්, මම ටිකක් බයවෙලා ඉන්නේ. හැම දේශපාලනඥයෙකුටම ඕනේ ඉහළ තනතුරු. ඔවුන් සියලු දෙනාම බයවෙලා කියනවා, පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම පන්නා දැමිය යුතුයි කියලා.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:18

    Latest News