සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්ට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වීමට නීතිපතිගෙන් නියෝගයක්

සැප් 21, 2019

    සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා නියෝග කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය මාධ්‍යයට පැවසුවාය.

    ඒ, ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නඩුවක විත්තිකරුවකු අතර, පැවතුනායැයි සඳහන් දුරකතන සාකච්ජාවක් සම්බන්ධයෙන්.

    “මාධ්‍ය හරහා ඊයේ දින ප්‍රචාරය කළ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ නිශ්ශංක සේනාධිපති එනම් ඇවන්ගාඩ් සමාගමේ සභාපති සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ නඩුවක විත්තිකරු අතර පැවතුනායැයි සඳහන් කළ දුරකතන සාකච්ජාවක් සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල්තුමිය විසින් එකී දුරකතන සාකච්ජාවේ සඳහන් කළ කරුණු සහ එකී හඬපටයේ එතුමියගේ හඬ සම්බන්ධයෙන් එතුමිය කළ පිළිගැනීමත් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මුලික විනය පරීක්‍ෂණයක් ආයතන සංග්‍රහයේ අදාල ප්‍රතිපාදනයන් යටතේ සිදුකිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු පත්කර එකී විනය පරීක්‍ෂණය ඇයට එරෙහිව වහාම සිදු කිරීමට සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත සඳුදා ගරු නීතිපතිතුමා විසින් යොමු කිරීමක් කිරිමට නියමිත බව සඳහන් කරමි“ යැයි නිෂාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.

    Latest News