වානුක රත්වත්තේගේ රට ගමන් ඉල්ලීම ඉවතට

සැප් 18, 2019

    රජයේ මුදල් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණ සිද්ධියට අදාළව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී සමාගමේ අධ්‍යක්ෂක චානුක උපේන්ද්‍ර රත්වත්තේ දින පහකට විදේශ ගත වීමට අධිකරණයෙන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

    මෝසමක් මගින් ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා වෙතින් ප්‍රතික්ෂේප වුයේ සැකකරුවන්ට ඇප ලබාදීම අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කර නොමැති බැවිණි.

    මෙම නඩුව චානුක රත්වත්තේ මහතා ඇතුලු අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකුට එරෙහිව පවරා ඇත. මේ සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මූල්‍ය අපාරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පොලිසිපතිවරයාට සිදු කළ ලිඛිත පැමිණිල්ලකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අධිකාරි හැන්නදිගේ බුද්ධික සරත් චන්ද්‍ර මහතාද පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙළෙඳ ආයතනයක් වු එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී සමාගම රජය ඇතුලු වෙනත් පුද්ගලයින්ගේ මුදල් ආයෝජිත සමාගමක්වේ. වෙනත් පුද්ගලයින් සහ සමාගම් එහි ආයෝජනය කළ මුදල් අවභාවිතා කර ඇති බවත් විදුලි බල මණ්ඩලය විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 2558ක්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ගනුදෙනුකරුවන් 350 ක්ගේ මුදල් එන්ට්‍රස්ට් සමාගම ලබා ගෙන ඇතත් එම මුදල් මහ බැංකුවේ තැන්පත් කර නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධීකරණයට දැනුම් දී තිබේ. රුපියල් මිලියන 4223ක් රජයේ මුදල් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණ කිරිමේ චෝදනාව විත්තිකරුවන්ට එරෙහිව පවති.

    Latest News