එච්.ආර්.මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වේ

සැප් 18, 2019

    හිටපු අමාත්‍යවරයෙකු වූ එච්.ආර්.මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 73ක්. 1988 වර්ෂයේ සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා ලෙස ක්‍රියා කළ ඔහු, ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ 1999 වසරේදී. 2005 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවූ ඔහු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය. මිත්‍රපාල මහතා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, වෘත්තියෙන් නීතිඥවරයෙකු ද වේ. ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ පියාණනි.

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 19:29

    Latest News