ජනාධිපතිවරණය නොවැ.16 නාම යෝජනා ඔක්.07 සිට

සැප් 18, 2019

    ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්තෝබර් මස 7 වැනිදා සිට නාම යෝජනා කැඳවීමට නියමිතයි. ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට යවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. හෙට දිනයේ සිට ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අපේක්‍ෂකයින්ට ඉඩකඩ ලැබී තිබේ.

    මෙවර පැවැත් වෙන්නේ ශ්‍රී ලංකාවේ 08 වන ජනාධිපතිවරණයයි. පසුගිය ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 වැනි දින පවත්වනු ලැබිණ. ජනාධිපතිවරයෙකුගේ නිළ කාලසීමාව වසර 6කට සීමාව තිබූ අතර, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වසර 05 දක්වා අඩු කෙරිණ.  ඒ අනුව මේ වසරේ නොවැම්බර් 16 වැනිදා 08 වන ජනාධිපතිවරණය පැවැත්වේ.

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 19:15

    Latest News