අනගාරික ධර්මපාලතුමාගේ 155වන ජන්ම දිනය අද

සැප් 17, 2019

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් දිවයින පුරා සමරු උත්සව සංවිධානය කර තිබිණි.

    දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස වර්ෂ 1864 සැප්තැම්බර් 17 දින ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ එතුමා බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් එතුමා ඉටු කළේ ය​.

    ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුදු දහම ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 20:31

    Latest News