එජාප අපේක්‍ෂකයා කඩිනමින් නම් කිරිමට ඇමති සජිත් අගමැතිගෙන් ඉල්ලයි (වීඩියෝ)

සැප් 16, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කඩිනමින් නම් කරන ලෙස ඉල්ලා පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අපේක්‍ෂකයා නම් කිරීම ප්‍රමාද කිරීම රටට හා පක්‍ෂයට කරන හානියක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බව ඔහු පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ, හම්බන්තොට, තිස්සමහාරාම උද්ධගන්දර ඉදිකළ සඳකුසුම්ගම හා සැදෑතිස්ගම උදා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    මෙය සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 287 සහ 288 වැනි ආදර්ශ ගම්මානයයි. නිවාස 68කින් යුත් ගම්මාන ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 628ක්. නිවාස හිමිකම් ප්‍රදානය ඇතුළු සමාජ සුබසාධන කටයුතු රැසක් ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

    “එළඹෙන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස තරග කරනවා කියන එක ස්ථිරයි, සත්‍යයි කියන එක මෙම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද දවසේ මම අපේ පක්‍ෂෙය් නායක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතව ඉල්ලීමක් කළා ඉතාමත්ම ඉක්මණින් එක්සත් ජාතික පක්‍ෂ යේ, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම කරන්නැයි කියලා. තවදුරටත් කල්මර, මර ඉන්නට බැහැ. තවදරටත් මෙම තීන්දුව ප්‍රමාද කර-කර ඉන්නට බැහැ. ඒ ක්‍රියාවලිය පක්‍ෂයටත්, පෙරමුණටත්, රටටත් මහ බරපතල හානියක්. අපි එකමුතුභාවයෙන් එක්සත්ව, එක්සිත්ව තීන්දුවක් ගැනීම අපහසු නම් රහස් ඡන්දයක් තුළින් කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාටයි, පාර්ලිමේන්තු කණ්ඩායමටයි අවස්ථාව ලබාදෙන්න අපේක්‍ෂකයා තෝරන්න. මම හිතන්නේ ඒකට කාලය ඇවිල්ලා තියෙන්නේ. මම කියන්න කැමතියි අපේ රටේ එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට මොන අභියෝග ආවත්, මොන ප්‍රශ්න ආවත්, මෙදා පාර එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීමේ ඒ මෙහෙයුමට නායකත්වය ලබාදෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලැහැස්තියි කියන එක මේ අවස්තාවේ මම ප්‍රකාශ කරනවා“ යැයි

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:32

    Latest News