දෙපතුල ලගට පැමිණි සම්පතින් උපරිම ප්‍රයෝජන ගනිමු..... රාජ්‍ය අමාත්‍ය දිලිප්

සැප් 15, 2019

    ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති මත්ස්‍ය නිෂ්පාදන මගින් අපනයනය සහ රටට අවශ්‍ය මත්ස්‍ය ඉල්ලුම සපුරාලීමට කළපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

    නව රැකියා සහ නව ආදායම් උත්පාදනය ඉලක්ක කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    රැකව කළපු සංවර් ධන ව්‍යාපෘතිය පිළිබද මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම මෙන්ම කළපු සංවර්ධන ව්‍යාපෘතිය පිළිබද ජනතාව සහ ධීවර ප්‍රජාව දැනුවත් කිරිමක් රැකව කළපු කළමනාකරණ ප්‍රජා ශාලාවේදී ඊයේ (14) පැවැත්විණ.

    මෙම ව්‍යාපෘතිය ජනතාවගේ සම්පතක් බැවින් රටට විශාල ආදායමක් ලැබිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය. උපරිම ප්‍රතිලාභ රටට උරුම කර දීම සදහා ක්‍රියා කළ යුතු බවත්, අනුන්ට ගැරහීම අතහැර සියළු දෙනා කැපවී ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල ලබාගැනීමට පෙරට ආ යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.

    duleep1 px 900 19 09 14

    කළපු සංවර්ධන ව්‍යාපෘතිය මගින් පළමු අදියරේ තෝරාගත් කළපු 10 ක් ආශ්‍රිතව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස පරිසර සංරක්‍ෂණයට ප්‍රමුකත්වය හිමිවේ. සියළු ප්‍රවේශ මාර්ග සංවර්ධනය, කලපුවේ රොන්මඩ ඉවත් කර මත්ස්‍ය ගහනයට හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම. පාරම්පරික ධීවර කර්මාන්තය නැවත ආරම්භ කිරීම , ධීවර නිවාස සංවර්ධනය, සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, සමාජ ආර්ථික තත්වයන් නගාසිටුවීම මේ අනුවව සිදුකෙරේ. ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම , සංචාරකයින් සදහා පහසුකම් සැලසීම වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ආධාර ලබාදීම, මත්ස්‍ය අභිජනනය, ඉහල ඉල්ලුමක් සහිත ඉස්සන්, මෝදා සහ කැකුළු වගාව ව්‍යාප්ත කිරීම, සංචාරක බෝට්ටු සේවා ආරම්භ කිරීම, කලපුවේ මත්ස්‍ය අස්වැන්න අලෙවිය සදහා මිලදී ගැනීමේ වැඩපිළිවෙල සැකසීම සහ කළපු කළමනාකරණ කම්ටු පිහිටුවීම මෙම කළපු සංවර් ධන ව්‍යපෘතිය මගින් ඉටු වන තවත් කාර්යන්වේ.

    රැකව කළපුව වෙත ඊයේ 14 පැමිණි දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යතුමා සංවර් ධන සැලසුම පිළිබද සොයාබලමින් එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

    මෙම කළපු සංවර් ධන ව්‍යාපෘතිය සදහා මුල් පියවර තබමින් පැවති රැස්වීමේදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා..." එදා අපි කුඩා කාලයේ මේ කලපුවල ඉස්සෝ කකුළුවෝ අපේ ගෙවල් වලට ලැබුනා. මේ කලපු ආශ්‍රිතව එදා ජා කොටු තිබුනා මට තාමත් මතකයි. ඒ ජා කොටු නැති වුනා. මේ නැති වුණු ජා කොටු නැවත ඇති කරන්න මම මගේ ඔලුවට ගත්තේ කවද්ද. 2016 මහා ජාල කදක් ඇවිත් අපේ පළාතේ පාලම්, බෝක්කු නැති වුනා . පාරවල් විනාශ වුනා. එදා විනාශ වූ මැඩිල්ල පාලම හදන්න මම යෝජනා කළා. ඒ පාලම හරහා නිසි ලෙස ජලය ගලා නොයාම නිසා කලපුවේ ජලය හිරවෙලා මහා විනාශයක් වුනා වගේම කලපුවේ මත්ස්‍ය ගහනයත් විනාශ වන බව මම පෙන්වා දුන්නා . ඒ මේ කලපුවට මුහුදු ජලය මිශ්‍ර කර ගනිමින් ජල පාලනය වගේම කලපුවේ මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන්නත්. මේ අනුව අපෙන් නැති වී ගිය ජා කොටු මත්ස්‍ය වගාව අනිවාර් යයෙන්ම නැවත ආරම්භ කිරීමට එදා නිලධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා. "

    " මහා මුහුදෙන් වගේම මේ කළපු හා ජලාශ ආශ්‍රිතව ධීවර කර්මාන්තය වැඩිදියුණු කරලා රටට විශාල ආදායමක් වගේම රටේ ජනතාවගේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලන්න අපි කටයුතු කරමින් ඉන්නවා. මොකද අපේ ජනතාව දිනෙන් දින කුරු මිනිසුන් බවට පත්වෙමින් ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ. අපේ ජනතාවගේ ප්‍රෝටීන ප්‍රමාණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ කියලා නවතම සමීක්‍ෂණ මගින් හෙළි කරගෙන තියෙනවා. ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන්නේ මත්ස්‍ය අනුභවයෙන්. නමුත් දිනෙන් දින ඒ මත්ස්‍ය අනුභවය අඩුවීම නිසා අපේ මිනිසා කුරු වෙමින් ඉන්නවා කියන එකයි ඒ සමීක්‍ෂණය මගින් හෙළි කරන්නේ . එහිදී අපිට තවත් විශාල අභියෝගයක් තියෙනවා මුහුදේ මත්ස්‍ය සම්පත දිනෙන් දින අඩුවෙමින් පැවතීම . මේ වැඩසටහන් මම ක්‍රියාත්මක කරන්නේ නව ආදායම් වගේම නව රැකියා උපද්දන නවෝත්පාදන ක්‍රියාවලියක් ලෙසයි . ඒ මගින් ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා ජනතාවගේ ඉල්ලුමට සරිලන මත්ස්‍ය නිෂ්පාදනයක් වගේම ධීවර ජනතාවගේ ආර් තිකය ශක්තිමත් කිරිමත් මේ මගින් නිර් මානය වන නව රැකියා සදහා තරුණ පරපුර යොමු කිරීම සදහාත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි"

    duleep2 px 900 19 09 14

     

     

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 11:34

    Latest News