ආර්ථික,ආරක්ෂක ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට කැපවෙනවා..බ්‍රසීලය තානාපති

සැප් 15, 2019

    ආර්ථික,ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව, බ්‍රසීලය පවසයි.

    මෙරට වැඩබලන බ්‍රසීල තානාපති වින්සන් ඇලෙක්සැන්ඩර් සිල්වා මහතා මේ බව කියා සිටියේ, එරට නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් පසුගියදා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්. බ්‍රසීලය, පෘතුගාලයෙන් නිදහස ලබා ගත්තේ, 1822 වසරේ සැප්තැම්බර් 7 වැනිදායි. මෙවර යෙදී ඇත්තේ, එහි 197 වැනි නිදහස් දින සමරුවයි. බ්‍රසීල නිදහස් දිනය නිමිත්තෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලය විසින් විශේෂ උත්සවයක් සංවිධාන කරනු ලැබීය.

    ඒ මෙරට වැඩබලන බ්‍රසීල තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන ආරාධිතයා වූයේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. මහකොමසාරිස්වරුන්,තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය. උත්සවය අමතමින් වැඩබලන බ්‍රසීල තානාපති වින්සන් ඇලෙක්සැන්ඩර් සිල්වා මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර පොදු අනන්‍යතා රැසක් පවතින බවයි. අනාගතයේ දී දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට කැප වන බව, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේනය.

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 12:05

    Latest News