නිට්ටඹුව ඉන්ධන පිරවුම්හල කොල්ල කෑ 03ක් වසරකට පසු මාට්ටු

සැප් 14, 2019

    ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කළ පුද්ගලයින් තුන් දෙනෙකු නිට්ටඹුව, ඔචර්ට්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ‍පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකීව ඇත.

    2018 වසරේ අප්‍රේල් මාස නිට්ටඹුව, හොරගොල්ලේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හලෙන් මෙලෙස මුදල් සොරාගෙන තිබුණා. එහි මුදල් තැන්පත් කර තිබූ කාමරයේ දොර කඩා ඇතුළුවී සැකකරුවන් විසින් රුපියල් 450,000 ක මුදලක් සොරාගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 30 සහ 40 යන වයස් සීමාවල පසුවන නිට්ටඹුවේ පදිංචි පුද්ගලයින් තුන්දෙනෙක්. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් නිට්ටඹුව පොලීසියට භාරදීමට නියමිතයි.

    Latest News