ඇල්පිටිය ප්‍රා.ස මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (13) අවසන්

සැප් 13, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (13) අවසන් වේ.

    මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද දිනය තුළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එම අයැදුම්පත් භාර දිය හැකි බවයි.

    මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

    Latest News