දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සැප් 11, 2019

    ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඔවුන් නිවේදනය කරන්නේ, වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත් සඳහා මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එහිදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකි බව ඔවුන් පවසයි. අකුණු මගින් ආරක්‍ෂාවීම සඳහා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මුහුදු ප්‍රදේශ ක්‍ෂිකව රළුවීමට හැකියාවක් පවතින බව ධීවර හා නාවික ප්‍රජාව මේ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා, කංකසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය, විටින් විට පැයට කිලෝ මීටර 50ත්, 55ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතී.

    Latest News