එළඹෙන දේශපාලන පරිවර්තනයේ දී කලාකරුවන් තින්දුවකට සුදානම්

සැප් 11, 2019

    එළඹෙන දේශපාලන පරිවර්තනයේ දී කලාකරුවන් ලෙස තම යුතුකම් හා වගකීම් වෙනුවෙන් හඬක් නැගීමට පෙරට එන්නැයි “ජනනියමු කලාකරුවෝ“ සංවිධානය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

    කොළඹ ඊයේ පැවති එම සවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුවේ දී ඔවුන් මේ බව පැවසූහ.

    “කලාකරුවෙක් හැටියට නිර්මාණයක නිරතවෙලා ඒ කෘතිය නිම කළාට පස්සේ ගනුදෙණුව අවසන් වෙන්නේ නැහැ කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා පුරවැසි මනස පුබුදු කරන්න තමන්ගේ කලාකෘතියට පිටිනුත්, ඒ කලාකරුවන්ට යුතුකමක් වගේම වගකීමක් ඇතිවෙනවා. ඒ නිසා අපේ රටේ ඉදිරි මාස තුන හතරේ දේශපාලන වශයෙන් ඉතාම තීරණාත්මක කාලයක් වේවි. මෙන්න මේ තීරණාත්මක කාලයේ වඩා යුක්ති සහගත ලෙස අපේ ජනතාව ඉලක්ක කරගන්නවාද ඉතා වැදගත්ම ප්‍රශ්නය මිනිසුන්ගෙන් අහන්න සංවාද කරන්න ජනනියමු කලාකරුවෝ හැටියට අපිත් එක්ක එකතුවෙන්න.

    කලාකරුවා කියන චරිතය අපි විශ්වාස කරන්නේ සමාජයට පෙරමඟ එළිය සපයමින් ඔවුන්ට මඟ කියමින් වඩා දියුණු සමාජයක් වෙත ජනතාව රැගෙන යන ප්‍රමුඛ ගාමක බලවේගය සැපයිය හැකි කණ්ඩායමක් හැටියට. සංවාදයක් අපි අරගෙන එමු. ඒ අරගෙන ඇවිල්ලා රට නිවැරදි දිසාවට හරවන්න අවශ්‍ය කරන මැදිහත් කරන ඉල්ලීම කරමුයි කියන ඉල්ලීම අපි සියලු කලාකාරයන්ගෙන් ඉල්ලනවා යැයි පැවසීය.

    දුෂ්ඨත්වයට එරෙහි ශිෂ්ඨත්වයේ සටන ආරම්භ වෙලා තියෙනවා. අද වෙනුවෙන් හෙට ජීවත් වෙන්න ඉන්න, හෙට ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපේ වගකීම, අපේ යුතුකම ඉටු කරමු.

    අපේ රටේ මේ මිනිස්සු දුක්විඳින තත්වයෙන් මුදවන්න කලාකරුවෝ හැටියට අපට විශේෂ අයිතියක් හා යුතුකමක් තියෙනවා. ඔබ ඔබේ රටට ආදරෙයි නම් මිනිසුන්ට ආදරෙයි නම් ඇවිල්ලා අපිට එකතු වෙන්න.

    අපිට තියෙන්නේ මේ රට ජයග්‍රහණය කරවීම, රටේ ජනතාව ජයග්‍රහණය කරවීම සමාජ සංස්කෘතික වැඩපිළිවෙළක් සැකසීම සඳහා මේ රටේ ජයග්‍රහණය ගැන හිතනවානම් ඔබ, රටේ අනාගත පරපුරට වගකියන්න ඔබ සූදානම් නම් අපි එක්ක එන්න හිටිගන්න යැයි ජනනියමු කලාකරුවෝ ඉල්ලා සිටියහ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 19:19

    Latest News