මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයින්ට සම්මාන (වීඩියෝ)

සැප් 11, 2019

    සන්නිවේදන ශක්තිය සහ නව ව්‍යවසායකත්වය හා නවෝත්පාදන ශක්තිය එක්කර ගතහොත්, ශ්‍රී ලංකාව, බලවත් රටක් බවට පත් කළ හැකි බව, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පැවති මාස්කෝ 2019 සම්මාන ප්‍රදානෝත්සවටය සහභාගි වෙමින්. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹදී පැවැත්වුණු සම්මාන ප්‍රදානෝත්සවයේ දී, විවිධ ක්‍ෂේත්‍රවල දක්‍ෂතා දැක්වූ පිරිස් ඇගයීමට ලක්වූහ. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනත්වය උදෙසා ද මාධ්‍යවේදීන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුණේ, 15 වැනි වරටයි. මාස්කෝ සම්මාන උළෙල සංවිධාන කරනු ලබන්නේ, ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමයයි.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විමුක්තිකා කාරියවසම් මහත්මිය, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ටතාව වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූවාය. පසුගිය වසරේ දේශීය හා අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වූ රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරණය වෙනුවෙන් ජාතික රූපවාහිනියේ නිෂ්පාදක රංග බණ්ඩාරනායක ද එහිදී සම්මානයට පාත්‍රවිය. මීට අමතරව, විවිධ ක්‍ෂේත්‍රගත පිරිස් ද මෙහිදී සම්මානයට පාත්‍රවූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 19:35

    Latest News