සරසවි සේවකයන් වර්ජනයේ;පරිපාලනය ලෙඩ වෙයි

සැප් 10, 2019

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් අද(10) සහ හෙට(11) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.

    ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකි සිටින බවයි වාර්තා වන්නේ. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා නිලධාරීන් 3000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි.
    මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවා කටයුතු අඩපන වනු ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කරන්නේ.

    මේ අතර අද දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි. වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 24ක් එක්ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2019 08:03

    Latest News