වීරසේකර ගෙනආ විසුරුවීමට එරෙහි පෙත්සම 4 විභාගයට

නොවැ 23, 2018

    විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැදවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 04 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණ කෙරිණ.

    ඒ අනූව, පාර්ලිමේන්තුව විසුරුවා හරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා දිනවලට මෙම පෙත්සම ද විභාගයට ගැනේ. වීරසේදර මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, නීතිපතිවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබේ.

    මෙම ක්‍රියාකලාපය තුළින් කතානායකවරයා ඇතුළු මෙම වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි, පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    Latest News