කුලියාපිටියේ කඩ පේලියක ගින්නක්

සැප් 08, 2019

    කුලියාපිටිය බස් නැවතුම්පොල ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන ගිය ආපන ශාලාවක අද(09) ඇතිවූ ගින්නක් හේතුවෙන් එම ආපනශාලාව මුලූමණින්ම ගිණිබත්ව තිබූ බව කුලියාපිටිය පොලිසිය පවසයි.

    ආපනශාලාවේ ගෑස් කාන්දුවක් මෙම ගින්නට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    අදාළ ආපනශාලාවෙන් හටගෙන තිබූ ගින්න යාබද රෙදිපිළි වෙළඳසැලක් දක්වා පැතිරෙමින් තිබු අතර කුලියාපිටිය නගරසභාව හා පොලිසිය මහජනතාව සමග එක්වෙමින් ගින්න පැතිරීම වලක්වාගැනීමට කටයුතු කර තිබිණ. එසේ නොවන්නට රුපියල් කෝටි ගනණක ව්‍යාපාර ස්ථාන රැසක් ගින්නේන් විනාශ වන්නට තිබු බව ව්‍යාපාරිකයින් පවසති. ගින්නෙන් වූ අලාභය මෙතෙක් ගණනය නැහෑ.

    Latest News