තලංගම ටයර් කඩයක් ඇවිළෙයි

ජන 05, 2019

    තලංගම - හීනටිකුඹුර ප්‍රදේශයේ ටයර් වෙළඳසැලක් ගින්නෙන් විනාශ විය.

    119 තොරතුරු මධ්‍යස්ථානයට ලද පණිවුඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් කෝට්ටේ නරග සභා ගිනි නිවන ඒකකයේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය මෙතෙක් තහවුරු කර නැත.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News