දියේ ගිලී 2ක් මරුට

සැප් 08, 2019

    ගල්කිරියාගම, ලක්‍ෂපෝල් ප්‍රදේශයේ ඉබ්බන්කඩුව වැවේ සිට රනව වැවට ජලය ගෙන යන ඇල මාර්ගයේ දිය නාමින් සිටි දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.

    ගල්කිරියාගම පදිංචි ඥාති සහෝදරයන් දෙදෙනෙකු වන තිසර සඳරුවන් (30) සහ ශ්‍රීමාල් මදුසංඛ (27) මෙසේ මියගොස් තිබේ. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, ගල්කිරියාගම පොලිසිය විමර්ශන පවත්වයි.

    Latest News