අඩි 50ක ප්‍රපාතයකට පෙරළී සිදුවූ එකම පවුලේ අනතුර

සැප් 14, 2023

    එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවු 1 1/2 වයසැති දරැවෙක්‍ු ඇතළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (13)දින ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

    බගවන්තලාව මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදි (13) දින පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අප වාර්තාකරු පවසන්නේ.

    අනතුර සිදු වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර, අනතුරෙන් පියා (රියදුරා) , මව සහ අවු 1 ½ වයසැති කුඩා දරුවෙකු තුවාල ලබා ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

    අනතුරට හේතුව අධික වේගය බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

    Latest News