පැය 18ක ජල කප්පාදුවක්

සැප් 07, 2019

    ලබන අගහරුවාදා (10) පෙවරු 9.00 සිට පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනූව වත්තල,මාබෝල,ජා-ඇල,කටුනායක හා සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කප්පාදුව සිදුකරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    එමෙන්ම වත්තල,මහර හා ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද මෙලෙස ලබන අගහරුවාදා පෙරවරු 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 08:18

    Latest News