ඡන්දයට පෙර කොමිසමෙන් ඉල්ලීමක්

සැප් 07, 2019

    2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

    මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ඒ පිළිබඳ දැනගත හැකියි.

    ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොමැති පුද්ගලයෙකු සිටීනම් ලබන 19 වැනිදාට පෙර ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ හැකියි.

    අදාළ වෙබ් අඩවිය පහතින්...

    https://elections.gov.lk/en/ 

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 07:47

    Latest News