මැති ඇමතිවරුන්ට කථානායකගෙන් අවවාදයක්: පාර්ලිමේන්තුව 17 තෙක් කල් තැබේ.

සැප් 06, 2019

    පාර්ලිමේන්තුවේ ඊයේ දින (05) අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු නොපැමිණීම සම්බන්ධයෙන් අද දින (06) මුද්‍රිත මාධ්‍යවල පළ වූ වාර්තා පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකර බව කතානායක කරූ ජයසූරිය මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තුවේ ඊයේ දින අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු නොපැමිණීම සම්බන්ධයෙන් අද දින මුද්‍රිත මාධ්‍යවල පළ වූ වාර්තා පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකර බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර එකඟතාවයට පැමිණීමෙන් පසු වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන ගිය ද මෙවැනි අවස්ථා ඉදිරියේ දී ඇති නොවීම ආණ්ඩුවේ වගකීමක් ඔහු පෙන්වා දුනී. එවැනි අවස්ථාවල දී විනයගරුකව මන්ත්‍රීවරු හැසිරිම ඉතාම වැදගත් බව අවධාරණය කරමින් සඳහන් කිරීමට කැමැත්තෙමි යැයි කරු ජයසුරිය මහතා කියා සිටියේය. මෙම කරුණ පසුගිය අවුරුදු හතර තුළ සෑම විටම මතක් කිරීමට සිදුවීම පිළිබඳව මමත් ඉතාම කණගාටුවට පත් වෙනවා යැයි ද කතානයකවරයා පැවසීය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා- ඔබතුමාගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතිය පළ කරනවා. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කාට හරි ඇවිල්ලා මන්ත්‍රිවරු අසන ප්‍රශ්නවලට උත්තර දිය යුතු වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

    එ අනුව අද දින පාර්ලිමේන්තුව පවාත්වාගෙන යාමට ඝනපුර්ණය නොමැතිවිමෙන් ලබන 17 වැනිදා පස්වරු එක දක්වා සභාව කල් තැබිණ.

    Latest News