ඉරානය සමග නව භාණ්ඩ හුවමාරු ගිවිසුමක්

සැප් 06, 2019

    වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ ඒ යටතේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයෙන් මිලදී ගත් ඉන්ධන ගාස්තු පියවීම සඳහා එරටට තේ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයට ඩොලර් මිලියන 250 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති අතර අමෙරිකාව, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම හේතුවෙන් එරට බැංකු සමග ඩොලර් භාවිතයෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැති හෙයින් ගැටළු පැන නැගී ඇත.

    ඒ අනුව ඉරානයට, අය කිරීමකින් තොරව තේ සපයන්නේ එම මුදල ඉන්ධන ගාස්තුවලට හිලව් කර ගැනීමේ අරමුණිනි.

    ඉරානයට අපනයනය කෙරෙන තේ සඳහා ලැබිය යුතු මුදල, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා තේ මණ්ඩලයට ගෙවනු ඇත.

    ඉදිරියේදී ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News