වන අලි ගම් වැදීමෙන් නොසන්සුන්තාවක්

සැප් 05, 2019

    වන අලින් තිදෙනෙකු පොළොන්නරුව විජයපුර හා දියසෙන්පුර ගම්මානවලට ඊයේ සවස කඩා වැඳීමෙන් දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

    වියළි කාලගුණයත් සමඟ සෝමාවතිය රක්‍ෂිතයේ සිටින වන අලින් ජලය හා ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති. ගම්මාන දෙකකට කඩා වැඳුණු වන අලි තිදෙනා වගාබිම් රැසක් විනාශ කර තිබේ. මෙම වන අලින් කිලෝ මීටර 40 කට අධික දුරක් ගෙවා මෙසේ පැමිණ ඇති බව වනජීවි නිලධාරීන් පවසයි. වන අලින් නැවත රක්‍ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීන් පියවර ගෙන ඇත. තම ජීවිතවලට දැඩි තර්ජනයක් වී ඇති වන අලි උවදුර කඩිනමින් විසඳන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News