ලබන 15 සිට ඔක්.15 ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය හැකියි; මහින්ද දේශප්‍රිය

සැප් 05, 2019

    ලබන 15 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා කාලසීමාව තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...

    “ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුලික කටයුතු දැන් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සාකච්ජා කරමින් අවශ්‍ය ලියකියවිලි සකස් කරමින් පවතිනවා. ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා දැන්වීම නිකුත් කරන දිනයේදීම කියනවා නාම යෝජනා ගන්නේ කවදා ද, ජනාධිපතිවරණය තියන්න පුලුවන් කවදා ද කියලා. තියන්න පුලුවන් ළඟම දිනය ජනාධිපතිවරණය නොවැම්බර් 15. නාම යෝජනා නිකුත් කිරීම බොහෝ වේලාවට සැප්තැම්බර් 15 පස්සේ ඔක්තෝබර් 15ට කලින් දිනයක් වෙන්න පුලුවන්. හැබැයි අපි සැප්තැම්බර් 15 වැනිදා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ දී අපි නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා නාම යෝජනා ගැනීමේ දිනය ළඟම එනවා මැතිවරණ නීති බලාත්මක කිරීමට ලැහැස්තියි කියන කරුණ“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News