තොඩුවාව ධීවර ගම්මානය මුහුදු ඛාදනයට ලක්වේ

සැප් 05, 2019

    මහවැව, කුඩාමඩුවැල්ල-තොඩුවාව ධීවර ගම්මානය මුහුදු ඛාදනයට ලක්ව ඇතැයි වාර්තාවේ.

    ධීවර වාඩි මුහුදට ගසා යාමෙන් රැකියාවේ යෙදීමට අපහසු වී ඇති බව ප්‍රදේශයේ ධීවර ජනතාව පවසයි. ගම්මානයේ කිලෝ මීටර් 4ක පමණ ප්‍රමාණයක් අඩි 100ක පමණ දුරකට ඛාදනය වී ඇති බව වාර්තාවේ. එමෙන්ම හලාවත-වෙන්නප්පුව මාර්ගයේ කොටසකට ද හානි සිදුව ඇත. එම වෙරළ තීරයේ ආරක්‍ෂිත ගල්වැටි දැමීමට රජය කටයුතු කළ ද, ඊට යොදා ගැනෙන බැකෝ යන්ත්‍රය මසක පමණ කාලයක සිට ක්‍රියා විරහිතවී ඇති බව ධීවර ජනතාව චෝදනා කරයි. ධීවර ආම්පන්න මෙන්ම දැල් වේලා ගැනීමට ප්‍රධාන මාර්ගය යොදා ගැනීමෙන් ගමනා-ගමනයට ද බාධා එල්ල වී තිබේ.

    Latest News