මහව දුම්රියේ කාන්තා මැරියේ ගිය පිරිමි 10කට දඩ

සැප් 05, 2019

    මහව සිට කොළඹ කොටුවට පැමිණි සීඝ්‍රගාමි දුම්රියේ කාන්තා මැදිරි වල ගමන් ගත් බව කියන පිරිමින් 10 දෙනෙකුට එක් අයෙකුට රුපියල් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    දුම්රිය මගීන් කාන්තා මැදිරි බව නොදැන එහි ගමන් ගෙන ඇති බවත් කාන්තා මැදිරි බවට හදුනාගැනීමට ප්‍රමාණවත් ප්‍රචාරයක් එහි තිබී නැති බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය.

    කෙසේ වෙතත්, කරුණු සලකා බැලීමෙන් පසු මගීන් අවවාද කල මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කලා.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 16:54

    Latest News