රාජ්‍ය සේවකයන්ට... දෙමළ භාෂාව

සැප් 05, 2019

    ජාතික සමගිය උදෙසා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට, මෙරට භාෂාවන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම යුගයේ ප්‍රධානතම අවශ්‍යතාවයක් බව, රජයේ සේවකයන් පෙන්වා දෙයි.

    රජය මගින් දමිළ භාෂාව ඉගැන්වීම සඳහා රජයේ සේවකයන්ට විශේෂ අවස්ථා සම්පාදනය කිරීම පිළිබඳව රාජ්‍ය සේවකයන් සිය ප්‍රශංසාව පළ කළේය. දිවයිනපුරා රාජ්‍ය සේවකයන්ට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධය ලබාදීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

    ඒ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින්. දමිළ බස පිළිබඳ මූලික අවබෝධයක් පවා නොතිබූ සමහර රාජ්‍ය සේවකයන් මෙම වැඩසටහන යටතේ දමිළ භාෂා ප්‍රවීණත්වය ලැබූ බවයි, වාර්තා වන්නේ. පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති දමිළි භාෂාව පිළිබඳ වැඩමුළුවට රාජ්‍ය සේවකයින් 100කට අධික පිරිසක් සහභාගී විය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 12:33

    Latest News