මදුනාගල බස්රථයක් පෙරළි 11 රෝහලට

සැප් 02, 2019

    සූරියවැව - මදුනාගල මාර්ගයේ මදුනාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේ බස් රථයක් පෙරලී එහි ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වීරකැටිය සිට මදුනාගල ආරණ්‍ය සේනාසනය වෙත දානමය කටයුත්තකට පැමිණි පිරිසක් ගමන් කළ බස්රථයකි.

    නැවත නිවෙස් බලා යමින් සිටියදී රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට පොලීසිය පවසයි. තුවාල ලැබූවන්ගෙන් හත්දෙනෙකු සූරියවැව රෝහලෙන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇත. ඉන් දෙදෙනෙකු කුඩා ළමුන් බවත් වාර්තා වේ. සූරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Latest News