මාතරටත් ජර්මානු වෘත්තීය පුහුණු ආයතනයක්

අගෝ 28, 2019

    ජර්මානු රජයේ මූල්‍ය සහයෝගය ඇතිව රත්මලාන ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයට සමාන වෘත්තීය පුහුණු ආයතනයක් මාතර පිහිටුවීමට යෝජනා කර තිබේ.

    අවශ්‍ය පුහුණු පහසුකම් හා උපකරණ සහිත එම පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා යුරෝ මිලියන 15.7ක මූල්‍ය ආධාර ජර්මනියේ KFW (Kerditanstalt fur Weideraifbau) වෙතින් ලබා ගැනීමට සහ ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයට සමාන ස්වාධීන තත්වයක් යෝජිත මාතර වෘත්තීය පුහුණු ආයතනයට මෙන්ම කිලිනොච්චියේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයට ලබා දීමට සහ පොදු වූ ආකාරයකට ජර්මානු කාර්මික පුහුණු ආයතන තුනම පාලනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ගොඩනැගිලි හා මෝටර් රථ අලුත්වැඩියාව හා නඩත්තුව, ශීතකරණ හා වායු සමීකරණ, ලෝහ හා සැහැල්ලු ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ, ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ආයතනික හා කාර්මික පුහුණුව මාතර හා යාබද දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ට ලබා දීම අරමුණු කරගෙනයි, මෙය ඉදි කෙරෙන්නේ.

    Last modified on බදාදා, 28 අගෝස්තු 2019 14:56

    Latest News