එකමුතු වූ මාතෘ භූමියක් නිර්මාණය කරනවා; අමාත්‍ය සජිත්

අගෝ 23, 2019

    අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම අරමුණ බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අවධාරණය කළේ, එළඹෙන නොවැම්බර් මාසයේ සිදුවන දේශපාලන කඩඉම සමඟ මුළු ජන සමාජයම සහෝදරත්වයෙන් සහ එකමුතුකමින් ජීවන් වන සීඝ්‍ර සංවර්ධිත රටක් නිර්මාණය කරන බවයි. ඔහු මේ අදහස් පළ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “වසර ගණනාවක ඉඳලා අපේ රට රටේ ජනතාව විවිධාකාර හේතූන් මත කෙටස්වලට කෑලි, කෑලිවට කැඩිලා තියෙනවා. විවිධ හේතූන් මත කොටස්වලට කැඩුණු අපේ මාතෘ භූමිය අපි එක්සේසත් කරන්න ඕනේ. මම ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා නොවැම්බර්, දෙසැම්බර් මාසවල ඒ සිදුවන දේශපාලන කඩ-ඉම තුළ අලුත් මාතෘභුමියක්, එකමුතුවූ මාතෘ භූමියක් සීඝ්‍ර සංවර්ධනයක් වූ මාතෘ භූමියක් මේ සජිත් ප්‍රේමදාස නිර්මාණය කරනවාමයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එදා දුටුගැමුණු රජ සමයේ මුළු මහත් ශ්‍රී ලංකාවම එක්සේසත් වුණා සේම එවන් අභිමානවත් යුගයක්, එවන් සංවර්ධිත යුගයක් නිර්මාණය කිරීම මේ සජිත් ප්‍රේමදාසගේ එකම බලාපොරොත්තුවයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ“ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    “සැමට සහන“ වැඩසටහන යටතේ කිරිඳිඔය හරහා ඉදි කළ මහරජ ගාමිණි අභය පාලම ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණ. පාලම ඉදිකර තිබෙන්නේ තිස්සමහාරාම, ඇල්ලගල හා බෙරලිහෙල යා කරමින්. ඊට වැය කළ, මුදල රුපියල් ලක්‍ෂ 1592ක්. අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ, ඉදි කළ මෙම පාලම හේතුවෙන් ගම්මාන රැසක ජනතාවට සෙත සැලසේ. ඉන් අනතුරුවයි තිස්සමහාරාම, ඇල්ගල “ප්‍රජා රශ්මි ප්‍රජා ජල“ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ. “සැමට සහන“ වැඩසටහන යටතේ ඊට වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 183ක්. ඉන් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 500ක්.

    Latest News