අමාත්‍ය සජිත්ට මාතර දී උණුසුම් පිළිගැනීමක්

අගෝ 23, 2019

    එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට, මාතර දී අද උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

    ඒ, සනත් ජයසුරිය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී.

    “සජිත් එනවා“ තේමා පාඨයෙන් ජනහමුව සංවිධාන කර තිබුණේ, මාතර එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති-ඇමතිවරුන් විසින්. එක්සත් ජාතික පක්‍ෂ නියෝජනය කරන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට සහභාගි වූහ. සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම වෙනුවෙන් සංවිධාන කළ පළමු රැස්වීම බදුල්ල නගරයේ දී පසුගියදා පැවැත්වුණු අතර මේ එහි දෙවැනි ජන හමුවයි.

    “සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලා, සද්ධන්ත ජන පරපුරක් නිර්මාණය කරලා, අපි ලොව ජයගන්න ශ්‍රී ලංකාවක් ආරම්භ කරන කොට ඒ උදෙසා ජාතික ආරක්ෂක වැඩසටහනක්, ජාතික ආර්ථික වැඩසටහනක්, රට සමගි කරවන වැඩසටහනක්, රට එක්සේසත් කරන වැඩසටහනක්, රටේ ඒකීය භාවය තහවුරු කරන වැඩසටහනක්, රටේ ජනතාව සුඛිත, මුදිත කරවනක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශපාලන ගජමිතුරුකම්වලට ඉඩ තබන්නේ නැහැ. නොවැම්බර්, දෙසැම්බර් මාසයේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්‍ෂයේ තීන්දුව ගන්න කොට මම ඔබලට පොරොන්දු වෙනවා දිවා රෑ නොබලා අපි අපේ ජනතාවට ශක්තිමත් මාතෘ භූමියක් නිර්මාණය කරනවා“යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    Latest News