ජාතික ආරක්‍ෂාව නම් අංක එක UNP ෆොන්සේකා - ගෝඨා නොවේ

අගෝ 21, 2019

    එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මාධ්‍යයට අදහස් දැක්වූහ.

    පා.ම. තුෂාර ඉඳුනිල් මහතා...

    “තව මැතිවරණයට කල් තියෙනවා. මැතිවරණයට කල් තියාගෙන අද අපෙන් අහනවා අපේ අපේක්‍ෂකයා කවුද කියලා. අපි වෙලාවට කියනවා. තරගය පටන් ගන්න කොට තමයි තරගයට අවශ්‍ය කරන සුදුස්සා දෙන්න ඕනේ. එහෙම නැතුව මෝඩ විදියට තීන්දු, තීරණ ගැනීමට අපිට අවශ්‍යතාවක් නැහැ. 2015 කරපු වික්‍රමයට එහා ගිය වැඩපිළිවෙළක් අපේ නායකත්වය නිර්මාණය කරලා තියෙනවා“. යැයි තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
    පා.ම. හේෂා විතාරණ මහතා...

    “ජාතික ආරක්‍ෂාව ප්‍රශ්නය විතරක් නම් තියෙන්නේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයෙකු නිර්මාණය කරනවනම් සුදුසුම කෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට වැඩිය අඩි කිහිපයක් උඩින් ඉන්නේ සරත් ෆොන්සේකා මහත්තයා. ඊට එහා ගිය කාරණය මේ රටේ ආර්ථිකය තියෙන්නේ නරක තැනක. ආර්ථිකයේ දිශානතිය වෙනස් කරලා රටේ ආර්ථිකය නිවැරදි තැනට ගෙන යාමේ වගකීම දරන්න පුලුවන් කෙනෙක් අනිවාර්්‍යෙයන්ම මේ රටේ ජනාධිපතිවරයා විය යුතු මයි“ හේෂා විතරණ මහතා පැවසීය.

    පා.ම. ආශු මාරසිංහ මහතා...
    එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 106ක් ඉන්නවා. ඒ 106 එක මිටට හිටියොත් ජනාධිපතිවරණයට අභියෝගයක් නැහැ. අපට ජයග්‍රහණය කරන්න පුලුවන්“ යැයි ආශු මාරසිංහ මහතා පැවසීය.

    Latest News