වගා හානි වූ ගොවීන්ට වන්දි (වීඩියෝ)

අගෝ 17, 2019

    යල කන්නයේ වී මිලදී ගැනීමේදී ගොවීන්ට ඉහළ ස්ථාවර මිලක් ලබාදෙන බව, අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    අමාත්‍යවරයා කියා සිටියේ, ඊට අදාල යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය යල කන්නයේ වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්. එය පැවැත්වුණේ, අම්පාර දිසා ලේකම් කාර්යාලයේදී. ගොවීන් 364 දෙනෙකුට රුපියල් මිලියන 16ක වගා හානි වන්දි ප්‍රදානය කෙරිණ. අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ඇතුළු මැති-ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පී හැරිසන් මහතා....

    “වී කිලෝ එක රුපියල් 38 යි තිබ්බේ, නාඩු කිලෝ එකක්. අපි ඒක රුපියල් 5කින් වැඩි කරන්න ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අවසරය ඉල්ලුවා. ඊට පස්සේ රුපියල් 43ක් වෙයි. සම්බා කිලෝ එක රුපියල් 41යි පාලන මිල ඒක රුපියල් 5කින් වැඩි කරලා 46 ගානේ ගන්න තමයි අපි යල කන්නයේ ඉඳලා යෝජනා කරලා තියෙන්නේ. එන සතියේ ඉඳලා මිල ක්‍රියාත්මක කරන විධියට කැබිනට් මණ්ඩලයට අපි අනුමැතිය ඉල්ලලා තියෙනවා. එහෙම වුණාම පෞද්ගලික වෙළෙන්දෝ ඊට වැඩි මිලකට ගනී“. යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:03

    Latest News