අභාවයට යන පාරම්පරික කර්මාන්තයකට සහන ඉල්ලයි

අගෝ 17, 2019

    කැකිරාව, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උල්පතගම ගම්මානය පාරම්පරික කම්මල් කර්මාන්තය අභාවයට යමින් පවතින බව වාර්තා වේ.

    මම කර්මාන්තයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය අවම වීම හා කම්මල් නිෂ්පාදන ආනයනය කිරීම මීට හේතුව බව කර්මාන්ත කරුවෝ පවසති.

    උල්පතගම කම්මල් කර්මාන්තය ඉපැරණි ශ්‍රී ලාංකික උරුමයකි. විජිතපුර සටනේදී අවශ්‍ය අවි ආයුධ මෙම ගම්මානයේ දී නිපදවූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ වනවිටත් උතුරු පළාතේ ගෘහස්ථ හා කර්මාන්තමය අවශ්‍යතා සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ ද උල්පතගම කම්මල් නිශ්පදනයි.

    කම්මල් 10ක් පමණ තිබූ මෙම ගම්මානය අද වනවිට කම්මල් දෙකක් දක්වා අඩුවී තිබේ. මේ නිසා ගම්වාසින්ගේ ආර්ථිකයට බලපෑමක් සිදුවී තිබෙන බැවින් ඔවුන් ඒ සඳහා රජයෙන් සහනයක් ඉල්ලා සිටිති. තම කර්මාන්තය සුරක්ෂිත කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් සලසා දෙන ලෙස ද රජයේ කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන වානේ මිලදී ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

    Latest News